විදෙස් සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපතක්
2022-10-06 14:54:38
Share with:

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සංචාරක ඉන්ධන අවසරපතක් හඳුන්වාදීම  සිදු කෙරේ

මෙම සංචාරක ඉන්ධන අවසරපත මගින් විදෙස් සංචාරකයන්ට දැනට රටේ පවත්නා ඉන්ධන කෝටා ක්‍රමයෙන් බැහැරව, සිය අවශ්‍යතාව අනුව ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබෙයි.

ඕනෑම විදේශ මුදල් ඒකකයකින් සංචාරක ඉන්ධන අවසරපත මිලදීගැනීමේ පහසුව සලසා ඇති අතර දිවයින පුරා පිහිටි 300කට අධික Ceypetco සහ LIOC ඉන්ධන පිරවුම්හල්වලින් එම පහසුකම ලබාගත හැකි ය .

සංචාරක ඉන්ධන අවසරපත හඳුන්වාදීම වෙනුවෙන්  පෞද්ගලික ආයතන දෙකක් තාක්ෂණික සහයෝගීත්වය දක්වා තිබේ.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම