චීනයේ සෙල්ලම් භාණ්ඩ අපනයනයන්හි අඛණ්ඩ වර්ධනයක්
2022-10-05 15:31:12
Share with:

චීනයේ සෙල්ලම් භාණ්ඩ අපනයනය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරයි.

2016 වසරේ සිට 2021 වසර දක්වා, චීනයේ සෙල්ලම් භාණ්ඩ අපනයනය අඛණ්ඩ වර්ධනයක්  පිළිබිඹු  කර ඇත. මෙම වසරේ මුල් මාස 8 තුළ, සමස්ත සෙල්ලම් භාණ්ඩ අපනයන වටිනාකම ඇ.ඩො. බිලියන 31.68ක් වූ අතර, පසුගිය වසරේ සමාන කාලය හා සැසඳීමේ දී එය 20.2%කින් වර්ධනයකි.

චීනය, සෙල්ලම් භාණ්ඩ සඳහා වන ලොව විශාලතම නිෂ්පාදන රට මෙන් ම අපනයන රට ය. ලෝක වෙළඳපොළේ අලෙවි කෙරෙන 70%කට අධික සෙල්ලම් භාණ්ඩ චීනය විසින් නිෂ්පාදනය කරන ඒවාය. සෙල්ලම් භාණ්ඩ කර්මාන්තය, චීනයේ විදේශ වෙළඳාම සඳහා වන සදාහරිත කර්මාන්තය වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම