චීන තොග භාණ්ඩ දර්ශකය අඛණ්ඩව යථා තත්ත්වයට
2022-10-05 15:41:38
Share with:
චීන කාර්ය සංවිධාන සහ මිලදී ගැනීමේ සම්මේලනය සැප්තැම්බර් මාසයේ චීන තොග භාණ්ඩ දර්ශකය නිකුත් කරයි.
අද(5) නිකුත් කෙරුණු මෙම සංඛ්‍යාලේඛනයට අනුව, දර්ශකය අඛණ්ඩව යථා තත්ත්වයට පත්වීම දැකිය හැකි අතර, වත්මන් දේශීය තොග භාණ්ඩ වෙළෙඳපොළ ස්ථාවර වෙමින් යහපත් වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පිළිබිඹු වෙයි.
සැප්තැම්බර් මාසයේ චීන තොග භාණ්ඩ දර්ශකය 103.1% වූ අතර, එය පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා 0.8% වැඩි වීමකි. 2021 වසරේ මැයි මාසයේ සිට වාර්තාවූ ඉහළම අගය මෙයයි.
විශ්ලේෂණ වලට අනුව, සැපයුම් දර්ශක තරමක් ඉහළ යාමෙන් සංකේතවත් වන්නේ චීනයේ භාණ්ඩ සැපයුම ස්ථාවර ලෙස වර්ධනය වන බවයි. එසේම අලෙවි දර්ශකය අඛණ්ඩව ඉහළ යාමෙන් යහපත් දේශීය වෙළෙඳපොළ ඉල්ලුමක් පෙන්නුමේ කෙරේ.