ගුරු වෘත්තිය සඳහා ජාතික විශ්වවිද්‍යාලයක්
2022-10-05 14:55:36
Share with:

ගුරු වෘත්තිය සඳහා ජාතික විශ්වවිද්‍යාලයක් බිහි කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. එමගින් ගුරුවරුන්ට වසර 3 ක න්‍යායාත්මක පුහුණුවක් හා වසරක ප්‍රායෝගික පුහුණුවක් සැපයීම අරමුණයි.

ලබන වසර මුලදී පාසල් සඳහා ගුරුවරුන් 8000 ක් බඳවා ගන්නා බවද ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඊට අදාළව අධ්‍යාපන විද්‍යා පීඨවල විභාග පැවැත්වීමට දැනටමත් අවශ්‍ය විධිවිධාන සලසා තිබේ.

ඊට අමතරව ගුරු සේවයට එක් වීමට කැමති සංවර්ධන නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා විභාගයකින් ගන්නා ලකුණු මත ඔවුන් පළාත් පාසල්වල ගුරුවරුන් ලෙස බඳවා ගන්නා බවද ඔහු සඳහන් කළේය. බඳවාගෙන වසර 3 ක් තුළ ජාතික අධ්‍යාපන ආයතනයේ එක් අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවකින් පසුව ඔවුන් පුහුණු ගුරුවරුන් බවට පත් කිරීම අරමුණයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම