Zhejiang පළාත "ප්‍රධාන විදේශ වෙළඳ පළාතක" සිට "විවෘත පළාතක්" දක්වා පරිවර්තනය වීමට බලපෑ ෂී ජින්පිං මහතා ගේ මෙහෙවර
2022-10-04 15:57:34
Share with:

2005 වසරේ නොවැම්බර් මස 26 වනදා පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් හා Zhejiang පළාතේ ව්‍යවසායන් අතර සාකච්ඡාවට එවක Zhejiang පළාත් පක්ෂ කමිටුවේ ලේකම් ෂී ජින්පිං මහතා සහභාගි විය. 

අදාළ ව්‍යවසායන්ගේ වාර්තාවට සවන් දීමෙන් පසු ෂී ජින්පිං මහතා සිය අදහස් පළ කළේය.චීනයේ දැනට විදේශ විනිමය සංචිත ඩොලර් බිලියන 800 කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් අඩුව ඇත්තේ මුදල් නොව දියුණු තාක්‍ෂණය, දියුණු කළමනාකරණය සහ ගෝලීය විකුණුම් ජාලය බවත් හෙතෙම පැවසීය. Zhejiang පළාත "ප්‍රධාන විදේශ වෙළඳ පළාතක" සිට " ප්‍රධාන විවෘත පළාතක්" දක්වා වර්ධනය විය යුතුය.ජාත්‍යන්තර සහ දේශීය වෙළඳපල දෙකක්, සම්පත් වර්ග දෙකක් පූර්ණ ලෙස Zhejiang පළාත ප්‍රයෝජනයට ගත යුතුය.විදේශ වෙළඳ වර්ධන ක්‍රමය වෙනස් වීම කඩිනම් කරමින් සංවර්ධිත රටවල වෙළඳපල ඉලක්ක කර ගනිමින් අපනයන භාණ්ඩ වල ගුණාත්මකභාවය,ශ්‍රේණිය සහ ආදායම වැඩි කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉන් වසර දෙකකට පසු චීන වාණිජ අමාත්‍යංශයේ අනුමත කිරීම යටතේ, Zhejiang Delixi සමූහය සහ ලෝකයේ ප්‍රමුඛතම ව්‍යවසාය 500 අතරින්  සමාගමක් වන Schneider Electric සමාගම ඒකාබද්ධව නව හවුල් ව්‍යාපාර සමාගමක් පිහිටුවීය. 

ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ෂී ජින්පිං මහතා ප්‍රමුඛ කණ්ඩායම් ඇමරිකාව, ප්‍රංශය යන රටවල් වලට පැමිණ විවිධ ක්‍රියාකරකම් සංවිධානය කළහ.පළාතේ ප්‍රධාන නිලධාරියා ලෙස ඔහු පුද්ගලිකව උත්සාහ දරමින් කොන්ත්‍රාත්තුවේ ප්‍රතිඵල ගෙන ඒමට පමණක් නොව, Zhejiang පළාත සහ විදේශයන් අතර පවතින වසර ගණනාවක් පුරා සමීප සහ සම්පූර්ණ හුවමාරු ප්‍රවර්ධනය කළේය.

2002 වසරේ ඔක්තෝබර් මසේ සිට 2007 වසරේ මාර්තු මස දක්වා, ෂී ජින්පිං මහතා Zhejiang පළාතේ සේවය කළ වසර හතරකට අධික කාලය තුළ, එම පළාතේ විදේශ ප්‍රාග්ධන භාවිත පරිමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කින් සිට බිලියන 10ක් දක්වා වැඩි විය.ඉන් නිෂ්පාදන කර්මාන්ත ව්‍යුහය ඉහළ තලයකට නංවා Zhejiang පළාත "ප්‍රධාන විදේශ වෙළඳ පළාතක" සිට " ප්‍රධාන විවෘත පළාතක්" දක්වා පරිවර්තනය වී තිබේ.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම