ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑම්
2022-10-04 15:07:18
Share with:

ආර්ථික වර්ධනයේ මන්දගාමීත්වය සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑම් එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ වෙළඳ සංවර්ධන සම්මේලනය පවසයි.  

2022 වසරේ වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ වාර්තාව ඊයේ(3) එක්සත් ජාතීන්ගේ වෙළඳ සංවර්ධන සම්මේලනය නිකුත් කර ඇත. එම වාර්තාවට අනුව, මේ වසරේ ලෝක ආර්ථීකය සියයට 2.5කින් වර්ධනය ‍වෙමින් ලබන වසරේ ආර්ථීක සංවර්ධන වේගය සියයට 2.2ක වනු ඇති බව‍ට තක්සේරු කෙරිණ.

ආර්ථික වර්ධනයේ මන්දගාමිත්වයෙන් සියලුම කලාප පීඩාවට පත් විය.එහෙත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එය විශේෂයෙන් බලපා ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි. ලතින් ඇමරිකාවේ මධ්‍යම ආදායම් ලබන රටවල් සහ අප්‍රිකාවේ අඩු ආදායම්ලාභී රටවල් මේ වසරේ තියුනුම මන්දගාමිත්වයට මුහුණ දෙනු ඇතැයි ඉන් තාක්සේරු කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම