පිරිසිදු ජලය සහ සාරවත් කඳු යනු වටිනාම වත්කම් බව ෂී ජින් පිං මහතා පවසයි
2022-10-04 15:20:21
Share with:

පසුගිය සියවසේ 90 දශකයේ චීනයේ Zhejiang පළාතේ Anji කෝරළයේ Yu ගම්මානය එහි ‍මනා හුණුගල් සම්පත් භාවිත කර සිමෙන්ති බලාගාර විවෘත කිරීමට පියවර ගත්තේය. එහෙත් අවට පරිසරය ඉන් බරපතල ලෙස දූෂණය විය. ඒ හේතුවෙන්, Yu ගම්මානය හුණුගල් පතල් තුනක් හා සිමෙන්ති බලාගාරයක් වසා දැමීමට ක්‍රියා කළේය.

2005 අගෝස්තු 15 වැනිදා, එවක චීන කොමියුනිස්ට් පක්ෂයේ Zhejiang පළාත් කමිටුවේ ලේකම්වරයා වූ ෂී ජින් පිං මහතා නිරීක්ෂණ චාරිකාවක් සඳහා Yu ගම්මානයට පැමිණියේය.  පතල වසා දැමීම නිවැරදි බවත් පිරිසිදු ජලය සහ සාරවත් කඳු යනු වටිනාම වත්කම් බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය. Yu ගම්මානයේ ඉදිරි සංවර්ධනය සඳහා ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් ලබා දුන්නේය. Yu ගම්මානයේ පිහිටීමේ වාසි මනා ලෙස භාවිත කර සංචාර කර්මාන්තය සංවර්ධනය කිරීමට යොමු විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.  

එම නිරීක්ෂණයෙන් දින 9 කට පසුව, ෂී ජින් පිං මහතා අදාළ ලිපියක් නිකුත් කළේය.  Zhejiang පළාතේ මනා පරිසර සම්පත් පවතී. එම පරිසර සම්පත් මනාව භාවිත කර පාරිසරික කෘෂිකර්මය, පරිසර කර්මාන්තය, පාරිසරික සංචාරක ව්‍යාපාරය වැනි පාරිසරික ආර්ථිකය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්, පිරිසිදු ජලය සහ සාරවත් කඳු රන් සහ රිදී බවට පත් වනු ඇතැයි එම ලිපියේ සඳහන් වෙයි. පිරිසිදු ජලය සහ සාරවත් කඳු මගින් රන් සහ රිදී ලබා ගත හැකිය‍. නමුත් රන් සහ රිදී මගින් එම සුන්දර පරිසරය මිලදි ගත නොහැකි  බව ද එම ලිපියේ සඳහන් විය.

2020 මාර්තු මාසයේ, චීනයේ උත්තරීතර නායකයා ලෙස ෂී ජින් පිං මහතා යළි Yu ගම්මානයට පැමිණියේය.Yu ගම්මානයේ පරිසරය, පිරිසිදු ජලය සහ සාරවත් කඳු එහි දක්නට ලැබිණ. එහි සෑම පවුලක්ම අලංකාර නිවාසවල වාසය කරයි. පෙර තිබූ සිමෙන්ති කම්හල් හරිත බීම් බවට පත්ව ඇත. ගම්මානයේ ඒක පුද්ගල සාමාන්‍ය ආදායම ඉහළ ගොස් ඇති බවත්, මනා පරිසරය නිසා වැසියන්ගේ සෞඛ්‍ය මට්ටමද සුවිශේෂී ලෙස  වර්ධනය වී ඇති  බවත් ගම්වැසියෝ ෂී ජින් පිං මහතාට ප්‍රකාශ කළහ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම