දියුණු ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති ‍හේතුවෙන් ගෝලීය ආර්ථිකයට අහිතකර බලපෑම්
2022-10-04 15:30:23
Share with:

දියුණු ආර්ථිකයන්හි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් ගෝලීය ආර්ථිකය අවපාතයකට සහ එක තැන නතරවීමකට හේතු විය හැකි බව 2022 වෙළඳ හා සංවර්ධන වාර්තාව  පවසයි. වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඊයේ (3) එම වාර්තාව නිකුත් කළේය‍.

2008 මූල්‍ය අර්බුදයට සහ 2020 නව කොරොනා වසංගතයට වඩා වැඩි හානියක් ඉන් ඇති කළ හැකි බව ද එම වාර්තාවේ සඳහන් වෙයි. වැටුප් පහත වැටීම, මූල්‍ය කප්පාදුව සහ මූල්‍ය කැලඹීම්වල‍ට මුහුණ දීමේදී, අධික ලෙස මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ඇතැම් සංවර්ධිත රටවල ආර්ථිකයන් එක තැන නතරවීමකට තුඩු දිය හැකි බව එම වාර්තාවේ දැක්වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම