‍පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව පත් කෙරේ
2022-10-03 16:37:28
Share with:

මාසයකට ආසන්න කාලයක් පුරා අක්‍රීයව පැවති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව පත් කෙරේ.

එම කමිටුවට පත්කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (3)  පෙරවරුවේ  ප්‍රකාශයට පත් කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධාන සහ 2022 අගෝස්තු 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා, නියෝජ්‍ය කතානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාද පත්කරනු ලැබ සිටින බව කතානායකවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම