සෑම දරුවෙකුටම විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට රජය කැපවී සිටින බව අගමැති කියයි
2022-10-03 18:32:11
Share with:

තරුණ තරුණියන්ට නිවැරදි පශ්චාත් පාසල් අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් අත්හදා බලන ජීවිත ගත කිරීමට යොමුව ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ලෝක ළමා දිනය වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කළ ශ්‍රීමත් ඩී බී ජයතිලක අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පාසල් දරුවන් මෙන්ම පාසල් හැරයන තරුණ තරුණියන් ද ආරක්ෂා කරගත යුතුය. විවිධ හේතුන් නිසා බොහෝ දරුවන් අධ්‍යාපනය අතරමග අතහැර යන තත්ත්වයක් ද දක්නට ලැබේ.

සෑම දරුවෙකුටම විධිමත් අධ්‍යාපනයක් ලබාදීමට රජය කැපවී සිටින බව අගමැතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම