ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන තෙරටේ "න්‍යෂ්ටික කුමන්ත්‍රණය"ට සුළඟට විරුද්ධව ඉදිරියට යා නොහැක
2022-10-03 14:35:09
Share with:

පසුගියදා නිමාවට පත්වූ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 66 වැනි සැසිවාරයේදී න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව නීත්‍යනුකූල බවට පත් කරගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන කෙටුම්පත සම්පූර්ණයෙන්ම අහෝසි වී තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම, ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එක්ව න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීව සඳහා කටයුතු කිරීම ලොව සංවේදී අවධානයට ලක්ව ඇත.

බැලූ බැල්මට හැමවිටම ජාත්‍යන්තර පටිපාටිය අනුගමනය කරන බටහිර ලෝකය, ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධ ආකාරයකිනි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන තෙරට න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාවෙන් එකවර ජාත්‍යන්තර ගිවිසුම් තුනක් උල්ලංඝනය කර තිබේ.

එය න්‍යෂ්ටික අවි නිර්ව්‍යප්ත ගිවිසුම, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රඥප්තිය, දකුණු පැසිෆික් කලාප න්‍යෂ්ටික භාවිතයෙන් තොර ගිවිසුම යන ගිවිසුම් තුනම උල්ලංඝනය කිරීමකි.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන තෙරට න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් කලාපීය න්‍යෂ්ටික සුරක්ෂිතභාවයටත් න්‍යෂ්ටික ආරක්ෂාවටත් බරපතල අභියෝග එල්ල වනු නිසැකය.

මනුෂ්‍යත්වය යනු වෙන් කළ නොහැකි ආරක්ෂක ප්‍රජාවකි. න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ගොඩනගා සාමය සහ ස්ථාවරත්වය ඒකාබද්ධව පවත්වාගෙන යාම ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම