අධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කෙරේ
2022-10-02 14:46:13
Share with:

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම්කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය අවලංගු කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම්කරමින් මීට පෙර ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණ.

පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශය  හා යුද හමුදා මූලස්ථානය, කොම්පඤ්ඤ වීදිය ගුවන් හමුදා මූලස්ථානය, මල්පාර අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරය සහ ආරක්ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප්‍රදේශ, අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙස එම ගැසට් නිවේදනයෙන් නම්කර තිබිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම