ඉන්ධන මිල සංශෝධනය වෙයි
2022-10-02 14:49:21
Share with:

ඔක්තෝබර් පළමුවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40/= කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 410/= ක් වේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30/= කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 510/= කි.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනසක් නොවන බව සංස්ථාව කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම