චීන මහජන සමූහාණ්ඩුවේ 73වන සංවත්සරය නිමිත්තෙන් විදෙස් රාජ්‍ය නායකයන්ගෙන් සුබ පැතුම්
2022-10-02 14:41:06
Share with:

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 73වන සංවත්සරය නිමිත්තෙන් විදේශ රටවල නායකයෝ සුබ පැතුම් පිරිනමති.

විවිධ රටවල රාජ්‍ය නායකයන් මෙන්ම, ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්,ජනාධිපති ෂී ජින්පිං මහතා වෙත සුබ පැතුම් පණිවුඩ හෝ ලිපි යොමුකරමින් චීන මහජන සමූහාණ්ඩුවේ 73 වන සංවත්සරයට සුබ පැතුම් පිරිනමා ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ සාර්ථකත්වය වෙනුවෙන් ද සුබ ප්‍රාර්ථනා කරන බව ඔවුහූ කියාසිටිති.

උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම්, රාජ්‍ය මණ්ඩල සභාපති කිම් ජොං අන් මහතා ප්‍රකාශ කළේ, ෂී ජින්පිං මහතා කේන්ද්‍ර කරගත් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීනය සමාජවාදී නවීකරණ රටක් පූර්ණ වශයෙන් බිහි කිරීමේ ඓතිහාසික නව ගමනක් ආරම්භ කර ඇති බවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය චීන සමාජවාදී සංවර්ධන කටයුතු පිළිබඳ නව සන්ධිස්ථානයක් බවට  පත්වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 73වන සංවත්සරය නිමිත්තෙන් තම මිත්‍රශීලී, හෘදයංගම සුබ පැතුම් තිළිණ කරන රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය සාර්ථක පැවැත්වීමට හැකිවේවා යි සුබ ප්‍රාර්ථනා කළේය.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 73වන සංවත්සරයට සුබ පැතුම් පිරිනමන ඇමරිකානු රජය වෙනුවෙන් එරට ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රකාශ කළේ,  ඇමරිකානු ජනතාව සමඟ තමා චීන ජනතාවට සාමය හා සමෘද්ධිය ප්‍රාර්ථනා කරන බවයි. 

එමෙන්ම ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය, කාම්බෝජය, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් ද සුබපැතුම් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම