සුළං විදුලිබල උත්පාදනයෙන් චීනය විශිෂ්ට ප්‍රගතියක් අත්කර ගනී
2022-10-01 15:27:06
Share with:

චීනයේ සුළං විදුලි බලාගාර, රටේ විදුලි ජාලයට එක්කරන විදුලි ධාරිතාව වසර 12 ක් පුරා අඛණ්ඩව ලොව පළමු ස්ථානයක පවතී.

චීනයේ සුළං විදුලි බලශක්ති ව්‍යාපෘති පුළුල් කිරීම ආරම්භ වූයේ ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ප්‍රමාදවී ය. මුල් අවස්ථාවේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ස්ථාපිත කෙරුණේ ජාත්‍යන්තර සහයෝගිතාව සහිතව පමණකි. 2007 වසරේ දී දේශීය වශයෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීමෙන් පසු, චීනය එම ක්ෂේත්‍රයෙන් ලෝකයේ පළමු ස්ථානයකට පැමිණ තිබේ. 2010 වසර වනවිට චීනයේ අලුතින් හා සමුච්චිත වශයෙන් ස්ථාපිත දළ විදුලි ධාරිතාව ප්‍රථම වරට ඇමරිකාව අභිභවා ගියේය. එතැන් සිට චීනය වසර 12ක් පුරා අඛණ්ඩව ලොව ප්‍රථම ස්ථානයේ පසුවෙයි. 2021 වසරේ චීනයේ සුළං බලාගාර විදුලි ජාලයට එක්කළ  විදුලි ධාරිතාව, කිලෝවොට් මිලියන 300 ක ඉක්මවීය. එය ගෝලීය සුළං විදුලි බලාගාර ධාරිතාවයෙන් සියයට 40 ක් අත්පත් කරගෙන ඇති අතර, සුළං විදුලිබලය භාවිත කරන අනුපාතය සියයට 96.9කට ළඟා වී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම