චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයාගෙන් සුභපැතුම්
2022-10-01 09:00:05
Share with:

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ පරිපූර්ණ සහ හරවත් සම්බන්ධතාවයකි. ශ්‍රී ලංකා රජය හා චීන රජය අතර ද ඉතා සමීප අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සබඳතාවයක් පවතී. චීන ජනතාව හා ශ්‍රී ලංකාවේ ජනතාව අතර පවතින සහෝදරත්වය හා මිත්‍රත්වය ද ඉතා සුවිශේෂී වේ. එමෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇති අඛණ්ඩ සම්බන්ධය ද විශේෂයෙන් සිහිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සභාපති, හිටපු විදේශ කටයුතු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේය .

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සබඳතා ආරම්භ වීමටත් පෙර සිටම දෙරට අතර ශක්තිමත් සම්බන්ධයක් පැවති අතර චීනය සෑම විටම ශ්‍රී ලංකාවේ කළ්‍යාණ මිතුරෙක් ලෙස කටයුතු කළේය. “එක් තීරයක් එක් මාවතක් “ව්‍යාපෘතිය හරහා මෙම මිත්‍රත්වය වඩාත් ශක්තිමත් සබඳතාවයක් බවට පත් වී ඇත.

ජිනීවාහි පැවති මානව හිමිකම් සැසි වලදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනය හඩ නැගූ බව ද හෙතෙම සිහිපත් කළේය. මේ සියලු සබඳතාවයන් තුළ චීන ශ්‍රී ලංකා මිතුදම ඉදිරියටත් ශක්තිමත් වනු ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ඉතාමත් සාර්ථකව පැවැත්වීමට සුභ පැතුම් එක් කරන බව ද හිටපු විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම