එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළෙන් ප්‍රායෝගික ජයග්‍රහණ රැසක්
2022-09-30 12:58:00
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදු සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික ජයග්‍රහණ රැසක් ලබා ඇතැයි, චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව පවසයි.

චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටු ප්‍රධානීහු ඊයේ(29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූහ. ගෙවී ගිය වසර 9 තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදු සංවර්ධනය අඛණ්ඩව පුළුල් කරමින්, ආර්ථික හා වෙළඳ සහයෝගිතා වර්ධනය කර තිබේ. මේ යටතේ චීනය, රටවල් 149ක් හා ජාත්‍යන්තර සංවිධාන 32ක් සමග සහයෝගිතා ලේඛන 200කට වැඩි ප්‍රමාණයක් දැනට අත්සන් තබා ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ පොදු සංවර්ධනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා APEC සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික ක්‍රමයන්හි සහයෝගිතා ප්‍රතිඵලවලට ඇතුළත්ව තිබීම ද කැපීපෙනේ.

පසුගිය අගෝස්තු මස අග කාලය වනවිට චීනය හා එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති ක්‍රියාත්මක රටවල් අතර භාණ්ඩ ගනුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 12කි. අදාළ රටවල චීනය කළ මූල්‍ය නොවන ඍජු ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 140ක් ඉක්මවා ගොස් ඇත. එමෙන්ම චීනය සක්‍රිය ලෙස වසංගතයට එරෙහිව, ගෝලීය සහයෝගිතාවට දායකවෙමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක්වන රටවල් සමග එන්නත් නිෂ්පාදන සහයෝගිතා මනාව පවත්වා තිබේ. එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රශස්ත මෙන්ම ප්‍රබල සහයක් ලබාදීමට ද චීනය සමත්ව ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම