චීන ජනපති අංක C919 විශාල මගී ගුවන්යානා පර්යේෂණ හා නිෂ්පාදන කණ්ඩායමේ නියෝජිතයන් හමුවෙයි
2022-09-30 19:11:53
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, අංක C919 විශාල මගී ගුවන්යානා පර්යේෂණ හා නිෂ්පාදන කණ්ඩායමේ නියෝජිතයන් හමුවෙයි.

 බෙයිජිංහි මහජන මහශාලාවේ දී අද(30) පෙරවරුවේ  එම හමුව පැවැත්විණ. ඉන් අනතුරුව ෂී ජින්පිං මහතා අදාළ ව්‍යාපෘතියේ ජයග්‍රහණ පිළිබඳ ප්‍රදර්ශනයක් නැරඹීය. මේ වන විට C919 මගී ගුවන්යානා පර්යේෂණ හා නිෂ්පාදන මෙහෙයුමෙන් ලද ජයග්‍රහණ ජනාධිපතිවරයාගේ ඉහළ පැසසුමට ලක්විය. චීනයේ ස්වයං-නිෂ්පාදිත විශාල මගී ගුවන්යානා අහසේ පියාසර කිරීම, රටේ අභිලාෂයක්, ජාතික සිහිනයක් මෙන්ම ජන අපේක්ෂා ඉටුවීමක් ද වන බව හෙතෙම පැවසීය. ආරක්ෂාව හා ගුණාත්මක භාවය ප්‍රමුඛ ස්ථානයේ තබාගනිමින් කේන්ද්‍රීය තාක්ෂණ අසීරුතා මගහැර, පරිමාණ හා පද්ධතිමය සංවර්ධනය කඩිනම් කළ යුතු බව ෂී ජින්පිං මහතා  අවධාරණය කළේය. නවීකරණ සමාජවාදී රටක් ගොඩනගා ගනිමින් චීන ජාතිකයන්ගේ දැවැන්ත පුනර්ජීවන සිහිනය සැබෑකිරීම සඳහා, බලවත් නිෂ්පාදන රටක් ගොඩනැගිය යුතු බව ද ඔහු පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම