චීන-පකිස්තාන මිත්‍රත්වය දෙරට සාමාන්‍ය ජනතාවගේ හදවත්වල ඉතා ගැඹුරු තැනක පවතිනවා. චීන ජනතාව පකිස්තානය හඳුන්වන්නේ චීනයේ විශ්වසනීය මිතුරා ලෙසින්.
2015 වසරේ අප්‍රෙල් මාසයේ, ෂී ජින්පිං මහතාගේ වාර්ෂික පළමු විදේශ සංචාරයේ ගමනාන්තය වූයේ පකිස්තානයයි. “ මේ මගේ ප්‍රථම පකිස්තාන සංචාරයයි. එහෙත් මට පකිස්තානය ගැන කිසිදු නුහුරු හැඟීමක් දැනුණේ නැහැ. ‘ඔබව මුලින්ම මුණගැසුණු විටත්, පැරණි මිතුරෙකු ආපසු පැමිණියාක් මෙන් හැඟුණා’ යනුවෙන් චීනයේ පැරණි කියමනක් තිබෙනවා. එය මම මෙහි සංචාරය කිරීමේදී අත්විඳි සැබෑම හැඟීමයි” ෂී ජින්පිං මහතා මෙසේ පැවසුවේ, පකිස්තාන පාර්ලිමේන්තුවේ දී දේශනයක් පවත්වමින්. එම සංචාරයේ දී චීන -පකිස්තාන සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවක් ලෙස ඉහළ තලයකට නංවා ඇතැයි දෙරටේ නායකයන් ප්‍රකාශ කළා. අසීරුතා නොතකා දෙරට සදාකාලිකව එක්ව ඉදිරියට ගමන් කරන බව ද චීන ජනාධිපතිවරයා එහිදී විස්තර කළා.
Covid-19 වසංගතයට එරෙහිව තීරණාත්මක අවස්ථාවන්ට මුහුණදීමේදී, චීනයට සිය ස්ථිර සහය දැක්වීම සඳහා පකිස්තාන ජනාධිපතිවරයා චීනයේ විශේෂ සංචාරයක නිරතවුණා. පකිස්තානයේ තිබූ මුව ආවරණ චීනයට පරිත්‍යාග කෙරුණා. මේ වසරේ ගිම්හාන සෘතුවේදී පකිස්තානයට ඉතා දරුණු ගංවතුර විපතකින් පීඩා එල්ල වූ අතර පකිස්ථානයට යුවාන් මිලියන 400 ක වටිනාකමින් යුතු සහන ද්‍රව්‍ය ලබාදීමට චීනය පියවර ගත්තා.
චීන-පකිස්තන ආර්ථික කොරිඩෝවේ සංවර්ධනයත් ෂී ජින්පිං මහතා ඉහළින් අගය කර තිබෙනවා. එම ව්‍යපෘතිය සංවර්ධනය කිරීමේ සාර්ථක අත්දැකීම් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හා සම්බන්ධ වෙනත් රටවල සහයෝගිතාවන්ට වැදගත් අර්ථයක් පිළිබිඹු කරන බවද හෙතෙම කියාසිටියා.