චීනයේ නවෝත්පාදන ක්ෂේත්‍රයේ ප්‍රශස්ත ප්‍රගතියක්
2022-09-30 11:20:46
Share with:

නවෝත්පාදනය සම්බන්ධයෙන් චීනය ක්‍රමයෙන් දියුණු වී ඇති බව ලෝක බුද්ධිමය දේපළ සංවිධානය පවසයි.

ලෝක බුද්ධිමය දේපළ සංවිධානය විසින් ඊයේ (29) නිකුත් කරන ලද “2022 ගෝලීය නවෝත්පාදන දර්ශකය” නමැති වාර්තාවෙන් මේ බව අනාවරණය කෙරිණ. ඒ අනුව, නවෝත්පාදන සම්බන්ධයෙන් චීනයේ ගෝලීය ශ්‍රේණිගත කිරීම මෑත වසරවලදී අඛණ්ඩව වැඩිදියුණු වී ඇති අතර, එය 2022 දී 11 වන ස්ථානය දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම, කොරොනා වසංගතයේ ව්‍යාප්තිය හමුවේ පවා, ගෝලීය නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවන පර්යේෂණ, සංවර්ධන සහ අනෙකුත් ආයෝජන 2021 දී අඛණ්ඩව වර්ධනය වී ඇති බව ද එහි දැක්වේ.

එම වාර්තාවට අනුව, ස්විට්සර්ලන්තය, ඇමරිකාව, ස්වීඩනය, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ගෝලීය ආර්ථික නවෝත්පාදන හැකියාවන් සම්බන්ධ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන පහේ පසුවෙයි. චීනය 2020 සහ 2021 දී පිළිවෙලින් එහි 14 වන සහ 12 වන ස්ථාන හිමිකර ගත් අතර, 2022 දී 11 වන ස්ථානය දක්වා ඉදිරියට ගොස් තිබේ.

චීනයේ ජයග්‍රහණ පෙන්නුම් කරන්නේ, නවෝත්පාදනය වර්ධනය යනු එන්ජිමක් ලෙස සලකා, ඊට වැදගත් මෙන්ම පුළුල් අවධානයක් ලබාදීමේ ප්‍රතිඵලය යැයි, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Daren Tang මහතා "2022 ගෝලීය නවෝත්පාදන දර්ශකය" එළිදැක්වීමේ උත්සවයේදී පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම