ණය තිරසර භාවය ප්‍රතිෂ්ඨාපනයට සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍යයි - ජනපති
2022-09-30 18:26:14
Share with:

කොවිඩ් වසංගතය මෙන්ම යුක්‍රේන යුද්ධය නිසා ඇතිවූ ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ යාමෙන් දැරිය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවත් උග්‍ර කර තිබේ. පිලිපීනයේ මැනිලා නුවර පැවති ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසියට ඊයේ (29) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහි මුලසුන හොබවනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල මධ්‍යම පන්තියේ වර්ධනය පහත හෙළීමට තුඩුදෙන අතර, ඉන්දීය සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව තවදුරටත් අනාරක්ෂිත වීමට ද හේතුවී ඇතැයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය. විශාල ආර්ථික පීඩනයක් හමුවේ ශ්‍රී ලංකාව රටේ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ  දැවැන්ත මූල්‍ය ප්‍රයත්නයක් දරමින් සිටි.

මෙම උත්සාහයට ණය හිමියන් සහ සියලු පාර්ශ්වකරුවන් සහය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම