වඩාත් විවෘත ආකල්පයකින් විද්‍යා තාක්ෂණික නවෝත්පාදන සහයෝගතා පුළුල් කිරීමට චීනය සූදානම්
2022-09-30 17:36:11
Share with:

  වඩාත් විවෘත ආකල්පයක සිට විවිධ රටවල් සමග විද්‍යා තාක්ෂණික නවෝත්පාදන සහයෝගතා පුළුල් කරන බව චීනය කියාසිටී. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාඕනිං මහත්මිය මේ බව පැවසුවේ බෙයිජිංහි අද(30) පැවති මාධ්‍ය හමුවකදීය. 

ලෝක බුද්ධිමය දේපළ අයිතීන් පිළිබඳ සංවිධානය ඊයේ(29) වසර 2022 ගෝලීය නවෝත්පාදන දර්ශකය නිකුත් කළේය. චීනය එහි 11 වැනි ස්ථානයේ පසු වන අතර, පසුගිය වසරට වඩා  එක් ස්ථානයකින් ඉහළ ගොස් ඇත. එම දර්ශකයේ චීනයේ ස්ථානය වසර 10ක් පුරා අඛණ්ඩව ඉහළ ගිය බව මාඕනිං මහත්මිය කියාසිටියාය. වසර 2012 දී 34වැනි ස්ථානයේ සිට මේ වනවිට 11 වැනි ස්ථානය දක්වා, දශකයක් තුළ ස්ථාන 23කින් ඉහළ යාම, තවත් ‘චීන වේගයක්’ සනිටුහන් කර ඇතැයි ද ඇය පෙන්වාදෙයි.

ජාත්‍යන්තර නවෝත්පාදන පෙරමුණේ වැදගත් සහභාගිවන්නෙකු වන චීනය ගෝලීය ගැටළුවලට විසඳුම් සැපයීමේදී ද වැදගත් දායකවන්නෙකු වන බව මාඕනිං මහත්මිය පවසයි. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම