පකිස්තානය හා එක්ව පොදුවේ අභියෝගයන්ට මුහුණදෙන බව චීනය කියයි
2022-09-30 18:36:27
Share with:

පකිස්තානය හා එක්ව පොදුවේ අනතුරු හා තර්ජනයන්ට මුහුණදෙන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (30) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. 

27 වනදා ඇමරිකානු “රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තිය” සඟරාවේ සම්මුඛ සාකච්ඡාවට එක්වූ  පකිස්තාන විදේශ අමාත්‍ය Bilawal Bhutto Zardari මහතා ප්‍රකාශ කර තිබුණේ, පකිස්තාන ආර්ථීකය නැංවීම හා ගංවතුර විපත්වලට සහයදීම සඳහා හදිසි සහනාධාර ලබාදීම, ණය ලිහිල් කිරීම ඇතුළු පියවර කෙරෙහි චීනය ප්‍රමුඛ අවධානය යොමුකර ඇති බවයි.  Bilawal Bhutto Zardari මහතාගේ ප්‍රකාශයෙන් චීන -පකිස්තාන මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය විශ්වාසයේ සැබෑ තත්ත්වය පිළිබිඹු වන බව Mao Ning මහත්මිය පැවසුවාය. චීනය පකිස්තානය සමඟ එක්ව ස්ථිරව රැඳීසිටිමින් පොදුවේ අනතුරු හා තර්ජනයන්ට මුහුණදෙන බවද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම