ශාන්තිකර කලාපයේ දූපත් රටවල් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන ඇමරිකාව
2022-09-30 21:05:01
Share with:

ඇමරිකාවේ හා ශාන්තිකර කලාපයේ දූපත් රටවල්වල ප්‍රධානීන්ගේ ප්‍රථම සමුළුව ඉකුත් 28, 29 දෙදින වොෂින්ටන්හිදී පැවැත්විණ. මෙවර සමුළුවේ අරමුණ එම දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ගැඹුරු කිරීම බව පැවසූ ඇමරිකානු ජනාධිපතිවරයා, ශාන්තිකර කලාපයේ දූපත් රටවලට ඇ.ඩො. කෝටි 81ක අතිරේක සහනාධාර ලබාදෙන බව ද එහිදී ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශය, ජර්මන් මාධ්‍ය වාර්තාවක් විග්‍රහ කර ඇත්තේ ‘ශාන්තිකර කලාපයේ චීන බලපෑම්වලට එරෙහිවීම සඳහා වොෂින්ටනය එම රටවල් වෙනුවෙන් ඩොලර් සූදානම් කර ඇතැයි’ යනුවෙනි. එහෙත්, ශාන්තිකර කලාපයේ දූපත් රටවල සංවර්ධනය සැබැවින්ම සැලකුවහොත්, ඇමරිකාව ක්ෂේත්‍ර හතරකින් ඊට උත්සාහ දැරිය යුතු බව පෙන්වාදිය යුතුය.

පළමුවෙන්ම, ප්‍රකාශයට පත්කර ඇති පොරොන්දු එලෙසින් ඉටුකළ යුතුය. මැදපෙරදිග, ලතින් ඇමරිකාව, ආසියාව යනාදී කලාපවලට විශාල පරිමාණයේ මුල්‍යාධාර සපයන බවට ඇමරිකාව මීට පෙර ද ප්‍රතිඥා දුන්නේය. එහෙත් අදාළ ආයතනවල විමර්ශන ප්‍රතිඵල අනුව ඔවුන් ලබා දුන් මුල්‍යාධාරයෙන් අවම වශයෙන් තුනෙන් එකක් ආපසු ඇමරිකානු ආධාර ආයතනවලට ගලා ගොස් අවසන්ය.

දෙවනුව, දේශගුණ විපර්යාසයෙන් වැඩිම පීඩනය දැනෙන්නේ ශාන්තිකර කලාපයේ දූපත් රටවල්වලට නිසා, ඇමරිකාව ඒ අතින් ප්‍රායෝගිකව ක්‍රියා කළ යුතු ය. එහෙත් ලොව සංවර්ධිතම රට වශයෙන් ඇමරිකාව වැඩිම උණුසුම් වායු විමෝචන රට වේ. වසර 13කට පෙර කොපෙන්හේගන් දේශගුණික සම්මේලනයේදී දුන් පොරොන්දුව ඉටු කිරීමට අද වන විටත් ඇමරිකාව අපොහොසත් වී ඇත.

සාගර සුරැකීම සඳහා ද ඇමරිකාව පියවර ගත යුතුය. එහෙත් සිය සන්ධාන රටක් වන ජපානය නිල්වන් ශාන්තිකර සාගරයට න්‍යෂ්ටික අපජලය බැහැර කිරීම සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටින ඇමරිකාව ශාන්තිකර කලාපයේ දූපත්වල ජනතාවගේ අවශ්‍යතාව සැබැවින්ම සලකා බලනු ඇද්ද?

වැදගත්ම කරුණක් වනුයේ, ඇමරිකාව ශාන්තිකර කලාපීය දූපත් රටවල් සමානාත්මතාවයෙන් යුතුව සැලකීමේ අවශ්‍යතාවයි. ඇමරිකාවේ යුටා විශ්වවිද්‍යාලයේ වියතෙකු විමසූ ආකාරයට, ‘ඇමරිකාව හදිසියේම ශාන්තිකර කලාපයේ රටවලට සලකන්නට පටන්ගෙන ඇත්තේ චීනයේ බලපෑම ගැන උපන් කණස්සල්ල නිසා ද? නැතිනම් ගෙවී ගිය දශක ගණනාවක් තිස්සේ ඔවුන් කළේ කුමක්ද ?’ 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම