චීන-මොංගෝලියානු මිත්‍රත්වය
2022-09-30 19:53:14
Share with:

චීනය හා මොං‍ගෝලියාව අතර දේශසීමා මායිමේ දිග, කිලෝමීටර් 4700ක්. එය චීනය හා අසල්වැසි රටක් සමග ගොඩබිමේ ඇති දිගුම දේශසීමා මායිමයි. මෙතරම් සමීප භූගෝලීය බැඳීමක්, චීන මොංගෝලියානු මිත්‍රත්ව සහයෝගතාවට ස්වාභාවික පහසුකමක් සලසා දී තිබෙනවා.

වසර 2014 අගෝස්තු මාසයේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මොංගෝලියාවේ නිල සංචාරයක නිරත වුණා. එම සංචාරය, ‘ඥාතීන් හමුවීමේ සංචාරයක්’ වැනි යැයි ඔහු ඉතා හිතවත්කමින් යුතුව  පැවසුවා. දෙදින සංචාරය තුළදී දෙරටේ නායකයෝ ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කර ද්විපාර්ශ්වීය සම්බන්ධතාවය, අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ලෙසට නංවන බවත් ප්‍රකාශ කළා.

‘හොඳ අසල්වැසියන්, රත්රන් මෙන් වටිනා බව’මොංගෝලියානු පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වමින් ෂී ජින්පිං මහතා කියාසිටියේ, අසල්වැසි රටවල් කෙරේ පවතින ආකල්පය විග්‍රහ කරමින්. ලෝකයේ වැඩිම අසල්වැසි රටවල් සහිත චීනය, අසල්වැසිභාවය මහඟු නිධානයක් ලෙස සලකන බව ද ඔහු පැවසුවා.

ආසියාව සක්‍රිය ආර්ථික වර්ධන තත්ත්වයක් පෙන්නුම් කරන කලාපයක් මෙන්ම, උණුසුම් හා සංවේදී ගැටළු රැසක් ද පවතින කලාපයක්. ආසියානු රටවල් සිය අසල්වැසියන් සුහදව ඇසුරු කරමින් පොදු සංවර්ධනය ඉටුකිරීමට නම්, මතභේද හා ගැටුම් පිටුදැකීම දැවැන්ත තේමාවක්. මොංගෝලියාවේ සිදුකළ දේශනයේදී ෂී ජින්පිං මහතා මේ පිළිබඳව සිය චින්තනය ඉදිරිපත් කළා.

‘පෙරදිග බුද්ධියෙන් ප්‍රශ්න විසඳාගනිමින් ගැටුම් නිරාකරණය කර, සහජීවනය ප්‍රවර්ධනය කළ යුතුයි. කලාපීය සහයෝගතා ක්‍රියාදාමය ඉදිරියට මෙහෙයවීමේදී, ආසියානු රටවල් එකිනෙකාගේ අත්දැකීම් අධ්‍යයනය කරමින්, එකිනෙකාට ගරු කරමින්, සම්බන්ධීකරණයෙන් යුතුව, විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. ඒ, ආසියානු ලක්ෂණයට ගැලපෙන ඇසුරු කිරීමේ සම්ප්‍රදායයි. ’

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම