2017 නොවැම්බර් 13 වැනිදා, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා සහ චීන ජනපති ලෙස, ෂී ජින් පිං මහතා ලාඕසයේ චාරිකාවක නිරත විය. මෙය චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික කොංග්‍රසයෙන් පසු ඔහුගේ පළමු විදේශ සංචාරයයි. එය වසර 11කට පසු චීන උත්තරිතර නායකයෙක් ලාඕසයට පැමිණි ප්‍රථම අවස්ථාව ද විය.
පැය 25ක එම සංචාරයේදී, නිල රාජ්‍ය චාරිකාවට අමතරව, ෂී ජින් පිං මහතා ලාඕසයේ ෆොල්සේනා පවුලේ පැරණි මිතුරන් හමුවිය. පැරණි මිතුරන් හමුවන අවස්ථාවන්හි ෂී ජින් පිං මහතා හැඟුම්බර වෙයි. දෙරටේ පැරණි පරම්පරාවේ නායකයන් අතර මිත්‍රත්වය සැමදා මතක තබා ගත යුතු බවත්, සාම්ප්‍රදායික මිත්‍රත්වය රැකගෙන විප්ලවීය සම්ප්රදාය ඉදිරියට ගෙන යා යුතු බවත්, චීන-ලාඕස සබඳතාව සඳහා දායක විය යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය. සංචාරය අතරතුර, විවිධ ක්ෂේත්රවල සහයෝගිතාව පුළුල් කිරීම සහ පොදු ඉරණමක් සහිත චීන-ලාඕස ප්‍රජාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් නව වැදගත් එකඟතාවයකට ද එළැඹිණ.
2021 දෙසැම්බර් 3 දින, ඉදිකිරීමට වසර පහක් ගත වූ චීන-ලාඕස දුම්රිය මාර්ගය විවෘත විය. එම දුම්රිය මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 1,035 කි. චීන-ලාඕස දුම්රිය ලාඕස ජනතාවගේ දුම්රිය සිහිනය සැබෑ කර ඇත.
චීනයේ අරමුණ සංවර්ධනය සහ සමෘද්ධිය තනිව අත්පත් කරගැනීම නොවේ. එය සමස්ත ජාත්‍යන්තර ආර්ථිකය සමඟ එක්ව වර්ධනය වන්නක් බව ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත.