චීන මාධ්‍ය සමූහය ‘දසවසක හරස්කඩ’ විශේෂ වැඩසටහන් මාලාවේ බහුභාෂා සංස්කරණ එළිදක්වයි
2022-09-30 15:46:14
Share with:

චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ‘දසවසක හරස්කඩ’ විශේෂ වැඩසටහන් මාලාවේ බහුභාෂා සංස්කරණ එළිදැක්වීමේ උළෙල පැවැත්වේ.

අද(30) බෙයිජිංහි පැවති උළෙලට, චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ පුවත් අංශ ප්‍රධානී මා ෂියාඕ ගුවන් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සම්භාවනීය පිරිසක්  එක් වූහ.

අද දිනයේ සිට ‘දසවසක හරස්කඩ’ විශේෂ වැඩසටහන් මාලාවේ  බහුභාෂා සංස්කරණ, චීන මාධ්‍ය සමූහයට අයත් චීන ජාත්‍යන්තර රූපවාහිනී සේවයේ(CGTN), ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි හා රුසියානු භාෂා නාලිකාවන්හි විකාශය ආරම්භ කෙරේ. CGTN, CRI Online, CCTV වෙබ් අඩවි මෙන්ම බහුභාෂා ජංගම දුරකථන මෘදුකාංග හා  සමාජ මාධ්‍ය ඔස්සේ ඒවාට සරිලන අයුරින් සම්පාදනය කෙරුණු සංස්කරණ ද විකාශය කිරීමට නියමිතය. විදේශ රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන සමග සහයෝගතාවෙන් එහි ගෝලීය ආවරණය පුළුල් කිරීමට ද අපේක්ෂිතයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම