චීනය හා ආර්ජන්ටිනාව නැගී එන වෙළඳපොළ සහිත රටවල් අතර සහයෝගිතා පිළිබඳ පරමාදර්ශයක්
2022-09-30 11:48:19
Share with:

ගතවූ වසර 50ක් තුළ, චීනය හා ආර්ජන්ටිනාව අතර සබඳතාව, ජාත්‍යන්තර දේශපාලන වෙනස්කම් හමුවේ නැගී එන වෙළඳපොළ සහිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එකමුතුව සහයෝගිතා පැවැත්වීම සහ පොදු සංවර්ධනය හඹා යාම පිළිබඳ පරමාදර්ශයක් බවට පත් ව ඇතැයි චීන ජනාධිපතිවරයා කියාසිටී.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන-ආර්ජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු ඉහළ මට්ටමේ සංසදයට පසුගිය 28වැනි දා  යොමුකළ සුබ පැතුම් පණිවුඩයේ මේ බව දැක්වෙයි. මෙම වසර, චීනය හා ආර්ජන්ටිනාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපනය කිරීමේ 50වැනි සංවත්සර වසරයි. ගතවූ අඩසියවස තුළ, දෙරට පූර්ණ උපායමාර්ගික හවුල්කරුවන් බවට පත් ව ඇතැයි ද ජනාධිපතිවරයා පෙන්වාදෙයි. දෙරට ජනතාව වෙත ප්‍රායෝගික සුබසෙත සලසා දීම පමණක් නොව, කිසියම් රටවල් දෙකක් අතර පොදු-ජයග්‍රාහී බව ඉටු කළ හැකි ආකාරය ද එමගින් සනාථ කර තිබේ.

පසුගිය වසරේ චීනය හා ආර්ජන්ටිනාව අතර ද්විපාර්ශ්වික වෙළඳ වටිනාකම 2020 වසරට සාපේක්ෂව 28.3%කින් වර්ධනය වී ඇති අතර, එම අගය ඇ.ඩො. බිලියන 17.83කට ආසන්නය. මෙම වසරේ පෙබරවාරි මාසයේ, දෙරට ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම ඇතුළු ලියවිලි දහයකට අධික සංඛ්‍යාවක් අත්සන් කර තිබේ. කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය යනාදී ක්ෂේත්‍ර රැසක් ඊට ඇතුළත්ය. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා, චීනය ලතින් ඇමරිකාව වෙත කර ඇති සමස්ත අපනයනයන්හි වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 9.5 කි. පසුගිය වසරේ සමාන කාලය හා සැසඳීමේ දී එය 21.4%ක වර්ධනයක් පෙන්නුම් කරයි. මේ අතර, ලතින් ඇමරිකාවෙන් චීනය සිදුකර ඇති ආනයනයන්හි වටිනාකම බිලියන 885ක් වූ අතර, පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව මෙය 8%ක වර්ධනයකි. චීනය හා ලතින් ඇමරිකානු රටවල් අතර පවතින ශක්තිමත් හා ප්‍රශස්ත සහයෝගිතාව එමගින් පිළිබිඹු කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම