නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික වගකීම පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ලිපිය ප්‍රකාශයට පත්කෙරේ
2022-09-30 16:58:04
Share with:

ඔක්තෝබර් පළමුවැනිදා ප්‍රකාශයට පත්කෙරෙන, Qiushi සඟරාවේ 19 වැනි කලාපයෙහි, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතාගේ වැදගත් ලිපියක් පළකෙරේ. ඒ, “නවයුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඓතිහාසික  වගකීම” යන තේමාවෙනි .

කෙතරම් දුර්වල හෝ ශක්තිමත් වුවත්, යහපත් හෝ අසීරු යුගයන්හිදී , චීන කොමියුනිස්ට් පක්ෂය කිසිවිටෙකත් තම මුල් සිහිනය සහ අධිෂ්ඨානය වෙනස් නොකිරීම විශේෂත්වයකි. සියලු දුෂ්කරතා හා අභියෝග මැද ජනතාව එක්සත් කර චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ විශාල කැපකිරීම් සිදුකර ඇත. ඔවුහු පසුබෑම්වලදී පවා නිර්භීතව, වැරදි නිවැරදි කර ජයගත නොහැකි දුෂ්කරතා එකින් එක ජයගත්හ.චීන කොමියුනිස්ට් පක්ෂය ඓතිහාසික ආශ්චර්යයන් නිර්මාණය කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ. 

ලෝක තත්ත්වය ගැඹුරින් වෙනස් වීමේ ඓතිහාසික ක්‍රියාදාමය තුළ, චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම යුගයේ මුල් පෙළේ සිටීම සහතික කළ යුතු ය. දෙස් විදෙස් ඒ ඒ අනතුරු හා තර්ජනයන්ට මුහුණ දෙන ඓතිහාසික තත්ත්වයේදී, චීන කොමියුනිස්ට් පක්ෂය සමස්ත චීන ජනතාවගේ ප්‍රධාන රුකුලක් බවට තහවුරු කළ යුතු ය.චීන ලක්ෂණ සහිත සමාජවාදී ඓතිහාසික ක්‍රියාදාමය තුළ, චීන කොමියුනිස්ට් පක්ෂය සැමවිටම ශක්තිමත් නායක කේන්ද්‍රය ලෙස පවතින බව සහතික කළ යුතු ය. ජනතාව එක්සත්ව චීන සිහිනය සාක්ෂාත් කිරීමේ දැවැන්ත ශක්තිය එකතු කර ගත යුතු බවද ෂී ජින්පිං මහතාගේ ලිපියෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම