පලස්තීන- ඊශ්‍රායල සංවාදය යළි පණගැන්වීමට ක්‍රියාකරන්නැයි චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් යළි ඉල්ලයි
2022-09-29 16:11:42
Share with:

පලස්තීනය හා ඊශ්‍රායලය අතර සංවාදය සක්‍රිය කිරීම සඳහා දෙපාර්ශ්වය පොළඹවන්නැයි චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් යළි ඉල්ලීමක් කරයි. 

ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (28) පැවති පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය පිළිබඳ විවෘත රැස්වීමේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා මේ බව කියාසිටියේය.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එම සංවාදය සක්‍රියව පෙළඹවිය යුතු බවත්, කොන්දේසි සපුරන තෙක් බලාසිටීම වෙනුවට පලස්තීන-ඊශ්‍රායල සංවාදය ප්‍රවර්ධනය කළ යුතු බවත්  හෙතෙම යළි අවධාරණය කළේය.

පලස්තීන ප්‍රශ්නය හැකි ඉක්මණින්, යුක්තිසහගතව, පූර්ණ වශයෙන් මෙන්ම සදාකාලිකව විසඳාගැනීම තවමත් ජගත් ප්‍රජාවේ පොදු අපේක්ෂාවයි. එක්සත් ජාතීත්ගේ ආරක්ෂක මණ්ඩලය වඩාත් ඵලදායී මෙන්ම ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාත්මක කර පලස්තීන ජනතාවගේ නිත්‍ය අයිතිය යළි තහවුරු කිරීමට සහය වෙමින්, මැදපෙරදිග කලාපයේ තිරසර සාමය සාක්ෂාත් කිරීමට වෑයම් දැරිය යුතු බව හෙතෙම පැවසීය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම