චීන ග්‍රාමීය ජීවකරණයේ ශක්තිමත් ප්‍රගතියක්
2022-09-29 09:26:59
Share with:

චීනය පසුගිය වසර පහ තුළ සැලසුම් කළ පරිදි ග්‍රාමීය ජීවකරණයේ ශක්තිමත් ප්‍රගතියක් ලබා ඇති බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම පවසයි.

සිය ග්‍රාමීය ජීවකරණ උපාය මාර්ගය සඳහා චීනය පස් අවුරුදු සැලැස්මක්  2018  වසරේ දී නිකුත් කළ අතර, ඊට අදාළ ප්‍රධාන ව්‍යාපෘති, වැඩසටහන් සහ ක්‍රියාමාර්ග ගණනාවක් සිතියම් ගත කෙරිණ.

කෘෂිකාර්මික නිෂ්පාදන ධාරිතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල ආරක්ෂාව වැඩි දියුණු කිරීම ඇතුළු සැලැස්මේ ප්‍රධාන කාර්යයන් 59ම සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර ඉන් මනා ප්‍රතිඵල ‍‍ගෙන දී  ඇති බව ද  ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිසම ප්‍රකාශ කර තිබේ.

2021 දී කෘෂිකාර්මික තාක්‍ෂණ ප්‍රගතිය එම අංශයේ සංවර්ධනයෙන් සියයට 61 කට දායක වී ඇති  අතර එය 2017 වසරට වඩා සියයට 3.5 ක ඉහළයාමකි. තවද බෝග වගාව සහ අස්වනු යාන්ත්‍රිකකරණ අනුපාතය සියයට 72ක් බවට පත්ව ඇති අතර එය 2017 වසරට සාපේක්ෂව සියයට 6ක වර්ධනයකි.

කෘෂිකර්මාන්ත හරිත සංවර්ධනයේ ප්‍රතිඑලයක් ලෙසට, රසායනික පොහොර සහ පළිබෝධනාශක යෙදීම වසර ගණනාවක් පුරා සෘණාත්මක වර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර කාබනික පොහොර භාවිතය සැලකිය යුතු අන්දමින් වර්ධනය වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම