චීන-ජපාන සබඳතාව සාමාන්‍යකරණය වීමේ 50 වැනි සංවත්සරයට චීන ජනපති හා ජපාන අගමැති සුබ පැතුම් හුවමාරු කරගනිති
2022-09-29 16:05:08
Share with:

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සාමාන්‍යකරණය වීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතා සුබ පැතුම් හුවමාරු කරගනිති.

දෙරට සබඳතාව තමා  වැදගත් කොට සලකන බව ෂී ජින් පිං මහතා අද (29) යොමුකළ සුබපැතුම් පණිවුඩයෙන් අවධාරණය කළේය. Fumio Kishida මහතා සමඟ, නව යුගයට සුදුසු ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් ගොඩනැගීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය.

චීනය සමඟ ඊළඟ වසර 50 ක් සඳහා ස්ථාවර සබඳතාවක් ප්‍රවර්ධනය කරමින් දෙරටේ, කලාපීය හා ලෝක සාමය සහ සමෘද්ධිය නැංවීමට  කැමැත්තෙන් පසු වන බව Fumio Kishida මහතා පෙන්වා දුන්නේය.

ජපාන අග්‍රාමාත්‍යවරයා, චීන අග්‍රාමාත්‍යවරයා සමඟ ද සුබ පැතුම් හුවමාරු කර ඇත.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම