චීන-ආජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු ඉහළ මට්ටමේ සංසදය බෙයිජිං හිදී පැවැත්වේ
2022-09-29 15:45:39
Share with:

චීන-ආජන්ටිනා මානව හා සංස්කෘතික හුවමාරු ඉහළ මට්ටමේ සංසදය ඊයේ(28) බෙයිජිං හිදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ  ප්‍රධානී Huang Kunming මහතා ඊ‍ට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුභ පැතුම් පණිවුඩය ඉදිරිපත් කළේ ය.

චීනයේ ආජන්ටිනා තානාපති Gustavo Sabino Vaca Narvaja මහතා ආජන්ටිනා ජනාධිපති Alberto Fernández මහතාගේ සුභ පැතුම් පණිවුඩය පිරිනැමීය.

චීන මාධ්‍ය සමූහය හා ආජන්ටිනාවේ මහජන මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය විසින් මෙම සංසදය සංවිධාන කරනු ලැබීය.

මෙය චීනය සහ ආජන්ටිනාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය හා 2022 චීන-ආජන්ටිනා මිත්‍රත්ව සහ සහයෝගිතා වර්ෂයේ වැදගත් සැමරුම් ක්‍රියාකාරකමකි.

"මාධ්‍ය හුවමාරුව පුළුල් කරමින් පොදු ජනතාවගේ යහපැවැත්ම සොයමු" මෙම සංසදයේ තේමාවයි. චීනය, ආජන්ටිනාව හා වෙනත් ලතින් ඇමරිකානු රටවල රාජ්‍ය නිලධාරීහු මෙන්ම, මාධ්‍ය ආයතනවල නියෝජිතයින් 100 කට වැඩි පිරිසක්, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වූහ.

චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානී Shen Haixiong මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ හා ආජන්ටිනා ජනාධිපති Alberto Fernández මහතාගේ සුභ පැතුම් පණිවුඩ මගින්, නව පරිච්ඡේදයක් ලිවීම සඳහා දෙරට අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මග පෙන්වන බවයි.

නව යුගයේ පොදු ඉරණමක් සහිත චීන-ලතින් ඇමරිකානු ප්‍රජාව හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට මාධ්‍ය බලය දායක කිරීම සඳහා, චීන මාධ්‍ය සමූහය ආජන්ටිනාවේ ඒ ඒ ක්ෂේත්‍ර සමඟ, දෙරටේ නායකයන් ඇතිකරගත් වැදගත් එකඟතාවන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැමති බව Shen Haixiong මහතා පැවසීය. චීන-ආජන්ටිනා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවත් කීර්තිමත් වසර 50ක කාලයක් වර්ධනයට සහාය වීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම