නවයුගයට සුදුසු චීන-ජපාන සබඳතාවක් ගොඩනැගීමට දෙරටම කැපවිය යුතු බව චීනය පවසයි
2022-09-29 17:24:19
Share with:

නවයුගයට සුදුසු චීන-ජපාන සබඳතාවක් ගොඩනැගීමට දෙරට එක්ව කැපවිය යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව සාමාන්‍යකරණය වීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් ඔහු මේ බව කියාසිටියේ අද (29) පැවති මාධ්‍ය හමුවකදීය.

වර්තමාන ලෝකය විශාල වෙනස්කම්වලට මුහුණදෙමින් සිටී. ඊළඟ වසර 50 ක පැවැත්ම සඳහා දෙරටේ නායකයන්ගේ පොදු එකඟතා යට‍තේ චීන-ජපාන දේශපාලන ලේඛන හතර තුළ අන්තර්ගත මූලධර්ම අනුගමනය කරමින්, මිත්‍රත්වය හා සහයෝගිතා ප්‍රවර්ධනය කළ යුතු බව Wang Wenbin මහතා පැවසීය. මතභේද පාලනය කරමින් නව යුගයට සුදුසු චීන-ජපාන සබඳතාවක් ගොඩනැගීමට දෙරට එක්ව කැපවී ක්‍රියාකළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම