‘ ‍බොරු අධිරාජ්‍යයේ ’ විශ්වාසනීයත්වය බංකොලොත් බව ඉතා පැහැදිලියි
2022-09-29 09:42:47
Share with:

බටහිර සමාජ මාධ්‍යයන්හි, සුන්දර තරුණියක ‍ගේ රුවට සමාන ලෙස නිර්මාණය කළ නිරූපකයක් දක්නට ලැබිණ. මෙම නිරූපකය පෝටෝ රිකෝවේ නිළියක ‍ගේ ඡායාරූපයකින් සකස් කරන ලද්දකි.

මෙම ගිණුම ඇමරිකාවේ රහස්‍ය බලපෑම් මෙහෙයුම්වල‍ට අනුබද්ධ ගිණුම් වලට සම්බන්ධය. ඇමරිකාවේ Stanford විශ්වවිද්‍යාලය හා සමාජ අන්තර්ජාල විශ්ලේෂණ සමාගමක් විසින් පසුගිය මාසයේ නිකුත් කෙරුණු සමීක්ෂණ වාර්තාවක මේ බව දැක්වෙයි. ගතවූ වසර 5 තුළ, මෙම මෙහෙයුම් යටතේ, ව්‍යාජ අන්තර්ජාල ගිණුම් සිය ගණනක් නිර්මාණය කර තිබේ. සමාජ මාධ්‍ය රැසක් තුළ ව්‍යාජ තොරතුරු නිකුත් කළ ‍එවැනි ගිණුම් මගින්, චීනය, රුසියාව, ඉරානය ඇතුළු රටවල් රාශියක් අපකීර්තියට ලක් කර තිබේ. මෙවැනි ගිණුම් ඇමරිකා හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබනවා විය හැකිය. දැනටමත්, එම ගිණුම් සමාජ මාධ්‍යයන් විසින් වසා දමා ඇති බව ද එම වාර්තාව සඳහන් කරයි.

ව්‍යාජ තොරතුරු නිර්මාණය කිරීම හරහා ජනතා මතයන් වැරදි දිශාවට යොමු කිරීමට උත්සාහ දැරීම, ඇමරිකාවේ පුරුද්දකි. එරට සෙනට් මන්ත්‍රී මණ්ඩල සභිකයෙකු වන Rand Paul සඳහන් කළේ, ව්‍යාජ තොරතුරු ව්‍යප්ත කරන ලෝකයේ විශාලතම රට කුමක් දැයි  පැනයක් නැගෙන්නේ නම් එහි පිළිතුර ඇමරිකා රජය යන්න බවය. ඇමරිකාව ව්‍යාජ තොරතුරු ව්‍යප්ත කරමින් තමන් දැරිය යුතු වගකීම් බැහැර කරමින් මනංකල්පිත සතුරන් අපකීර්තියට ලක් කිරීම විශේෂයෙන් ම සඳහන් කළ යුතුය. 2020 වසරේ නව කොරොනා වසංගතය හටගත් කාලයේ දී, ඕස්ට්‍රේලියානු පර්යේෂණායතනයක් පිටු 27කින් යුත් සමීක්ෂණ වාර්තාවක් නිකුත් කළේ ය. ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය හා දක්ෂිණාංශිත බලවේගයන් හා සම්බන්ධ එරට සමාජ මාධ්‍යයන්හී ගිණුම් දහස් ගණනක් සැලකිය යුතු අයුරෙන් චීනයට අපකීර්තියට ලක් කළ ප්‍රකාශ පතුරුවා හැර ඇති බව එම වාර්තාවේ දැක්වෙයි. මෙම සත්‍ය තොරතුරු අනාවරණය වීමෙන් පසු, ඇමරිකාවේ මෙවැනි පිළිකුල් සහගත ක්‍රියාවන් ජගත් ප්‍රජාවේ හෙළා දැකීම් වලට ලක් ව ඇත. ‘ ‍බොරු අධිරාජ්‍යය ’ වන ඇමරිකාවේ විශ්වසනීයත්වය  බංකොලොත් බව ඉතා පැහැදිලිය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම