‘චීනයේ මෙම දශකය’ මාධ්‍ය සමුළුව පැවැත්වේ
2022-09-29 15:55:00
Share with:

‘චීනයේ මෙම දශකය’ තේමාවෙන් යුත් මාධ්‍ය සමුළුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තු උපප්‍රධානි ගෝ යේචෞ මහතා මෙන්ම නියෝජ්‍ය විදේශ අමාත්‍ය මා චාඕෂූ මහතා එහිදී නවයුගයේ රටේ රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරය පිළිබඳ තොරතුරු විග්‍රහ කළහ.

ජනාධිපති ෂී ජින්පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනයේ මගපෙන්වීම යටතේ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රය, ජාතික පුනර්ජීවනය හා මානව ප්‍රගතිය ප්‍රවර්ධනය පිළිබඳ පරමාර්ථයට අනුව චීන සංවර්ධනයේ නව දිශාව හා චීනය ලෝකය සමග සම්බන්ධතාවයේ වෙනස්කම් හඳුනාගෙන කටයුතු කරන බව මා චාඕෂූ මහතා කියාසිටියි.

ස්ථිරව සමාකාමී සංවර්ධන මාර්ගය අනුගමනය කරන චීනය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීම සඳහා දායකවීමට වෑයම් දරයි. එසේම අන්‍යොන්‍ය ගරුත්වය, යුක්තිය හා සාධාරණත්වය, පොදු ජයග්‍රහණ පිළිබඳ නව ජාත්‍යන්තර සම්බන්ධතාව ගොඩනැගීම ප්‍රවර්ධනයට ද කටයුතු කෙරේ. ලෝක සාමය ගොඩනගන්නකු,  ගෝලීය සංවර්ධනයට දායක‍වන්නෙකු හා ජගත් පටිපාටියේ ආරක්ෂකයෙකු ලෙස ක්‍රියාකිරීමට චීනය සූදානම් බව ද මා චාඕෂූ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම