කොරොනා වයිරසය ඇමරිකාවේ ශ්‍රම හිඟය උග්‍ර කරයි
2022-09-29 09:05:31
Share with:

ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, ඊයේ (28) වන විට, ඇමරිකාවේ තහවුරු වූ නව කොරොනා රෝගීන් සංඛ්‍යාව මිලියන 96.23 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව මිලියන 1.05 ඉක්මවා ඇත.

නව කොරොනා වසංගතය හේතුවෙන් ඇමරිකාවේ මිලියන ගණනක ජනතාවක් රැකියා විරහිතව සිටින බව ද නවතම දත්ත පෙන්වා දෙයි. විරැකියාවෙන් ආදායම් අහිමි වීම, වසංගතය හේතුවෙන් වෛද්‍ය වියදම් වැඩි වීම ඇමරිකා ආර්ථිකයට බරපතල අහිතකර බලපෑම් එල්ල කර ඇත. ඇමරිකාවේ වසංගත විරෝධී ක්‍රමය ආසාදන විශාල සංඛ්‍යාවකට හේතුවූ අතර වසංගතය අඛණ්ඩව ව්‍යප්තවීමෙන් ඇමරිකා ආර්ථිකයට එල්ලවන බලපෑම වැඩිවනු ඇතැයි ද විශ්ලේෂකයෝ පවසති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම