චීන ජනාධිපතිවරයා ගේ ප්‍රාදේශානුරූප ඵලාදායී සංවර්ධන සංකල්පයන්
2022-09-29 15:56:42
Share with:

2002 වසරේ ඔක්තෝබර් මාසයේදී ෂී ජින්පිං මහතා නැගෙනහිර චීනයේ Zhejiang පළාතට පැමිණියා.ඉන් පසු වසර හතරකට අධික කාලයක්, ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ Zhejiang පළාත් කමිටුවේ උපලේකම්, වැඩබලන ආණ්ඩුකාර සහ පළාත් පක්ෂ කමිටුවේ ලේකම් ලෙස රාජකාරී කටයුතු කළා. 

Zhejiang හි නිෂ්පාදන කර්මාන්ත ව්‍යුහය වෙනස් කිරීම සහ වැඩිදියුණු කිරීම ඔහු Zhejiang පළාතට පැමිණීමෙන් පසු අඛණ්ඩව ක්‍රියාවට නැංවූ කටයුත්තක්.විවිධ ස්ථානවල නිරීක්ෂණ චාරිකා සිදු කිරීමෙන් පසු Zhejiang පළාතේ නවීන නිෂ්පාදන කර්මාන්ත මධ්‍යස්ථාන ඉදිකිරීම වේගවත් කළ යුතු යැයි ඔහු තීරණය කළා.වඩාත් ක්‍රියාශීලී ආකල්පයකින් Zhejiang පළාත වඩාත් පුළුල් හා ගැඹුරු මට්ටමකින් ජාත්‍යන්තර සහයෝගීතාවට සහ තරඟයට සහභාගී විය යුතු බව‍‍ටද ඔහු යෝජනා කළා.

Zhejiangහි නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ෂී ජින්පිං මහතා පෞද්ගලිකව දැඩි උත්සාහයෙන් ක්‍රියා කළා.ඔහු දේශීය හා විදේශීය ආයෝජන හඳුන්වාදීමේ ක්‍රියාකාරී යාන්ත්‍රණය වැඩිදියුණු කළා.දේශීය හා විදේශීය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ප්‍රාග්ධන, නවීන තාක්ෂණ, ප්‍රවීණ නිපුණතාවන් සහ නවීන කළමනාකරණය යන සම්පත් භාවිත කරමින් Zhejiang පළාතේ කාර්මික සංවර්ධන මට්ටම අඛණ්ඩව ප්‍රවර්ධනය කළා. Zhejiang පළාතේ ව්‍යවසායන් පිටතට ගොස් චීනයේ වෙනත් කලාපවල සහ ජාත්‍යන්තර වෙළඳපලවල පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන පිහිටුවා නිෂ්පාදන මට්ටම වැඩිදියුණු කිරීම හෙතෙම දිරිමත් කළා.

නව කර්මාන්තකරණ මාර්ගය ස්ථීරව අනුගමනය කිරීමේ ෂී ජින්පිං මහතාගේ උපාය මාර්ගික උපදෙස් යටතේ, Zhejiang හි කාර්මික ව්‍යුහය "පහළ, කුඩා සහ විසිරුණු" මට්ටම්වල සිට "ඉහළ, නවීන සහ දියුණු"  මට්ටම් වෙත මාරු වී, "ඉහළ වර්ධන වේගය" වෙනුවට "ඉහළ ගුණාත්මකභාවය" ලෙස පරිවර්තනය කෙරුණා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම