මානව වර්ගයාගේ අනාගතය වෙනුවෙන් සහයෝගී සංවර්ධනයක අවශ්‍යතාව
2022-09-29 09:57:06
Share with:

මානව වර්ගයා, ගෝලීය පරිසර පද්ධතියේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයයි. එහෙයින් හවුල් සංවර්ධන ප්‍රවේශයක අවශ්‍යතාව ලෝකයටම අත්‍යවශ්‍ය වනු ඇත. ලෝකයේ ප්‍රධාන ප්‍රවේශයන් ලෙස මානව වර්ගයාගේ පැවැත්ම තහවුරු කෙරෙන ආර්ථික ප්‍රවේශය සහ දේශපාලන ප්‍රවේශය සුවිශේෂී වේ. එමෙන්ම සමාජ ප්‍රවේශය ද මෙහිදී වැදගත් වේ. ආර්ථික ප්‍රවේශය, නිෂ්පාදනය හා ඒවා බෙදා හැරීම මත පදනම් වේ. චීනය මෙම ක්‍රියාවලිය තුළ  කැපීපෙනෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වජිර කැලුම් පෙරේරා මහතා ප්‍රකාශ කරයි .

ආර්ථිකය යහපත් වන විට සමාජ ක්‍රමය ද යහපත් ලෙසට පරිවර්තනය වේ. කොවිඩ් වසංගතය පැතිරීමත් සමග ශක්‍යතාව සහිත රටවල් එන්නත් නිෂ්පාදනය කරමින් ලොව රටවල්වලට බෙදා හරිනු ලැබීය. එලෙස සම්පත් බෙදා හැරීමේ යාන්ත්‍රණයක් තුළ ලෝකය කටයුතු කිරීම මානවයාගේ අනාගත පැවැත්මට වඩා වැදගත් වනු ඇත.

ජීවන තත්ත්වය උසස් කිරීම, දුගී බව තුරන් කිරීම, ආදායම් වර්ධනය, සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වය සංවර්ධනය ආදී ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමේ දී තනිව කටයුතු කිරීමට වඩා ලෝකය පොදුවේ සහයෝගීව කටයුතු කිරීම වඩා පහසු වේ. එහෙයින් ලෝකයේ අනාගත සංවර්ධනය උදෙසා හවුල් සංවර්ධන ප්‍රවේශය කාලීනව වැදගත් සාකච්ඡාවක් බවට පත් වී ඇත.

චීනය ලොව වැඩිම ජනගහනයක් සිටින, අර්බුදකාරී තත්ත්වයන්ගෙන් මිදී ස්ථාවරත්වය ළගා කරගත් රටකි. සිය අර්බුදකාරී අවස්ථාවන් වල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව ප්‍රමුඛ සාධකයක් ලෙස සලකා සිය වැඩපිළිවෙළ තුළ ඔවුන් සාර්ථකත්වයට පැමිණ ඇති බව හෙතෙම කියා සිටී.

ලෝකයේ රටවල් එක්ව කටයුතු කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද චීනය යෝජනාවන් රැසක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම චීනය, තිරසර සංවර්ධන ඉලක්කයන් සමග ද එකඟ වෙමින් සිය සහයෝගී සංවර්ධන ප්‍රවේශය ඉස්මතු කරමින් සිටී. ඒ අනුව චීනය, කලාපීය වශයෙන් සිය දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගනිමින් සහ අන් රටවල් සමග සම්බන්ධතාවයන් වර්ධනය කර ගනිමින්, ලෝකයේ සහයෝගී සංවර්ධනයේ අනාගතය වෙනුවෙන් සිය දායකත්වය ලබා දෙන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වජිර කැලුම් පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම