තම ප්‍රතිඥා ඉටුනොකරන ඇමරිකාවට රෙගුලාසි හා පටිපාටි පිළිබඳව කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි චීනය ප්‍රශ්න කරයි
2022-09-28 19:49:06
Share with:

තම ප්‍රතිඥා පවා ඉටුනොකරන ඇමරිකාවට රෙගුලාසි හා පටිපාටි පිළිබඳව කතා කිරීමට ඇති අයිතිය කුමක්දැයි  චීනය ප්‍රශ්න කරයි.
චීනය රෙගුලාසි පදනම් වන ජාත්‍යන්තර පටිපාටිය උල්ලංඝනය කරමින් සිටින්නේ යැයි ජපානයේ සංචාරයක නිරත වූ ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් පැවසූ බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකළේය.

ඇමරිකානු කථානායකවරිය මාස හතරක් තිස්සේ චීනය දැක්වූ විරෝධතා නොසලකා චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය කළ අතර, තායිවානය යනු වෙනම රටක් ලෙසට සඳහන් කර ඇත. ඇමරිකාවේ මෙවැනි ක්‍රියාවලින් චීනයේ ස්වාධිපත්‍යය සහ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස උල්ලංඝනය වූ අතර, ඉන් චීන-ඇමරිකානු සබඳතා දැඩි ලෙස විනාශ විය. තම ප්‍රතිඥා පවා ඉටුනොකරන ඇමරිකාවට රෙගුලාසි හා පටිපාටි සම්බන්ධයෙන් කතා කිරීමේ සුදුසුකම කුමක්දැයි වං වෙන්බින් මහතා ප්‍රශ්න කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම