ගෝලීය මානව හිමිකම් පාලනය වඩාත් සාධාරණ දිශාවක් කරා මෙහෙයවීමට ක්‍රියාකරන බව චීනය කියයි
2022-09-28 19:54:25
Share with:

ගෝලීය මානව හිමිකම් පාලනය, වඩාත් සාධාරණ හා හේතුසහගත දිශාවක් කරා මෙහෙයවීමට චීනය කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සම්මේලනයේ පැවති ‘වත්මන් චීනයේ මානව හිමිකම් පිළිබඳ වටිනා ආකල්ප පිළිබඳ විග්‍රහය’ යන මැයෙන් යුත් සමුළුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේ අද(28) බෙයිජිංහි පැවති මාධ්‍යහමුවකදීය. චීනය, රුසියාව, ඇමරිකාව, ස්පාඤ්ඤය, පකිස්තානය හා උස්බෙකිස්තානය ඇතුළු රටවල විශේෂඥවරු එහිදී සිය පෞද්ගලික අත්දැකීම් විස්තර කරමින් අදහස් හුවමාරු කර ගත්හ. වත්මන් චීනයේ මානව හිමිකම් පිළිබඳ වටිනා ආකල්ප තුළින් ජනතා කේන්ද්‍රීය සංකල්පය පිළිබිඹු වී ඇතැයි ද ඔවුහු  කියාසිටියහ.

ලොව ඕනෑම රටකට තමන්ට ගැලපෙන මානව හිමිකම් සංවර්ධන මාර්ගයක් තෝරාගැනීමේ අයිතිය හිමි ය. චීනය ජගත් ප්‍රජාව සමග එක්ව ගෝලීය මානව හිමිකම් පාලනය, වඩාත් සාධාරණ හා හේතුසහගත දිශාවක් කරා මෙහෙයවීමට කටයුතු කරන බව වං වෙන්බින් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම