‘චීන න්‍යෂ්ටික කාර්මික ප්‍රදර්ශනය’ඔස්ට්‍රියාවේ වියානාහි ‘එක්සත් ජාතීන්ගේ නගරයේ’දී
2022-09-28 16:35:59
Share with:


න්‍යෂ්ටික බලශක්තියෙන් අනාගතය ගොඩනැගීම මැයෙන් යුත් ‘චීන න්‍යෂ්ටික කාර්මික ප්‍රදර්ශනය’ 26වනදා සිට 30වනදා දක්වා ඔස්ට්‍රියාවේ වියානාහි ‘එක්සත් ජාතීන්ගේ නගරයේ’ දී පැවැත්වේ.

චීනය සාමකාමීව න්‍යෂ්ටික බලශක්ති භාවිත කිරීමේ ප්‍රතිඵල, ගෝලීය න්‍යෂ්ටික බලශක්ති සංවර්ධනයට මෙන්ම ‍පෘථිවි පරිසරය යහපත් කිරීමට චීනය දැක්වූ දායකත්වය පිළිබඳ කරුණු එහිදී ප්‍රදර්ශනය කෙරේ. එක්සත් ජාතීන්ගේ වියානාහි චීන ස්ථාවර නියෝජිත වං චුන් මහතා සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල් Rafael Mariano Grossi මහතා එම ප්‍රදර්ශනය නැරඹීමට එක්වූහ.

සිය න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ තාක්ෂණික ප්‍රමුඛතා යොදාගනිමින් චීනය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග එක්ව ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සේවාව, පාරිසරික පාලනය යනාදී ගෝලීය ගැටලු නිරාකරණයෙහි නිරත වෙමින් සිටින බව Rafael Mariano Grossi මහතා එම අවස්ථාවේදී කියා සිටියේය. තම ඒජන්සිය චීනය සමග සහයෝගතා තවදුරටත් පුළුල් කරමින් න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයෙන් එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන ඉලක්කය ඉටුකිරීම සඳහා සහායවීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම