යුක්‍රේන ගැටලුව හා තායිවාන ප්‍රශ්නය එකට සංසන්දනය කිරීම කුමන්ත්‍රණකාරී ඉලක්කයක් සහිත දේශපාලන උපායක් බව චීනය කියයි
2022-09-28 18:18:44
Share with:

  

   යුක්‍රේන ගැටලුව හා තායිවාන ප්‍රශ්නය එකට සංසන්දනය කරමින්  අදහස් දැක්වීම, කුමන්ත්‍රණකාරී ඉලක්කයක් සහිත දේශපාලන උපායක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(28) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.

තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසකි.  එසේම, තායිවාන ප්‍රශ්නය හුදෙක් චීන අභ්‍යන්තර කටයුත්තකි. එය යුක්‍රේන ගැටලුවට වඩා හාත්පසින්ම වෙනස් වන අතර, එම ප්‍රශ්න දෙක එකට සැසඳීම නිරර්ථක ක්‍රියාවකි. තායිවාන ප්‍රදේශයේ අනාගතය තීරණය කළ යුත්තේ එහි පුරවැසියන් ඇතුළු සමස්ත චීන ජනතාව විසිනි. යුක්‍රේන ගැටලුවට අදාළව තායිවාන ප්‍රශ්නය පිළිබඳව අදහස් දැක්වීම හෝ එම ප්‍රශ්න දෙක එක්ව විමර්ශනය කිරීමේ ප්‍රයත්න මගින්, චීනයේ අභ්‍යන්තර කටයුතු දැඩිව උල්ලංඝනය වන බව ද වං වෙන්බින් මහතා අවධාරණය කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම