යුක්රේන ප්‍රශ්නය විසඳා ගැනීමට දේශපාලනමය මාර්ගයක් සඳහා දොරටුව විවර කරන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි
2022-09-28 18:37:57
Share with:

දේශපාලනමය මාර්ගයක් ඔස්සේ යුක්රේන ප්‍රශ්නය විසඳා ගැනීමේ දොරටුව විවෘත කරන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ (27) පැවති යුක්රේන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවේදී  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා මේ බව කියා සිටියේය.

පසුගිය දා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ සාමාන්‍ය විවාදයේ දී විවිධ රටවල නායකයන් යුක්රේන අර්බුදයේ දිගුකාලීන ව්‍යාප්තිය හා එයින් එල්ල වූ බාහිර බලපෑම් පිළිබඳව කණස්සල්ල පළ කළ බව හෙතෙම සඳහන් කළේය. යුක්රේන අර්බුදය හා සම්බන්ධ සියලු පාර්ශ්ව දේශපාලනමය ක්‍රමවේදයක් මගින් එය විසඳා ගැනීමේ දොරටුව කඩිනමින් විවෘත කර, ඒ ඒ පාර්ශ්වයන් නිසි අවධානය යොමු කළ කරුණු පුළුල්ව සාකච්ඡා කරමින්, ප්‍රායෝගික විසඳුම් පැහැදිලිව ඉදිරිපත් කිරීම වත්මන් කේන්ද්‍රීය කටයුත්තක් බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම