දුෂ්ටචේතනාන්විත සයිබර් ප්‍රහාර පිළිබඳව ඇමරිකාව නිහඬව සිටින බව චීනය කියයි
2022-09-28 19:58:06
Share with:

චීන වයඹ බහුතාක්ෂණික විශ්වවිද්‍යාලය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය එල්ලකළ සයිබර් ප්‍රහාරයට ලක්වීම පිළිබඳ දෙවන විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ‍ ප්‍රකාශක වං වෙන්බින් මහතා අදහස් දක්වයි. ඒ, අද(28) පැවති මාධ්‍ය හමුවකදී ය.

ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය එල්ලකළ මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳ දෙවන විමර්ශන වාර්තාව චීන ජාතික පරිගණක වෛරස හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය විසින් පළකරනු ලැබීය.  මෙමගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි කර ඇත. එම දුෂ්ටචේතනාන්විත සයිබර් ප්‍රහාර පිළිබඳව විග්‍රහ කරමින්, එවැනි නීතිවිරෝධී ක්‍රියා නතර කරන ලෙස චීනය බොහෝ මාර්ගවලින් ඇමරිකාවෙන් ඉල්ලා ඇත. එහෙත් මේ වනවිට ඇමරිකාව නිශ්ශබ්දව සිටින බව වං වෙන්බින් මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම