‘චීන කොමියුනිස්ට් පක්ෂය හා මව්රටේ එක්සත්භාවය’ කෘතියේ වැදගත්කම විග්‍රහ කෙරේ
2022-09-28 17:17:29
Share with:

 

 ‘චීන කොමියුනිස්ට් පක්ෂය හා මව්රටේ එක්සත්භාවය’ නමැති කෘතියේ වැදගත්කම විග්‍රහ කෙරේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තායිවාන කටයුතු කාර්යාලය විසින් සම්පාදිත එම කෘතිය පසුගිය දා ප්‍රකාශයට පත්කෙරිණ. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ අද(28) පැවති මාධ්‍ය හමුවේදී එම කෘතියේ වැදගත්කම විග්‍රහ කළේ, එහි ප්‍රකාශිකා ජූ ෆෙන්ග්ලියන් මහත්මිය යි.

පසුගිය සියවසක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂය තායිවා‍න ප්‍රශ්නය විසඳීමටත් රටේ එක්සත්භාවය ඉටුකිරීමටත් සිදු කළ නොනවතින අරගල, ඉන් ලද වැදගත් ජය හා වටිනා අත්දැකීම් එම කෘතිය විදහා පා ඇතැයි ජූ ෆෙන්ග්ලියන් මහත්මිය විස්තර කළාය. මව්රටේ එක්සත්භාවය සාක්ෂාත් කරගැනීම සඳහා විවිධ කාල වකවානුවලදී චීන කොමියුනිස්ට් පක්ෂය ඉටුකළ කේන්ද්‍රීය මෙහෙවර හා නායකත්ව කාර්යභාරය විස්තර කරන එම කෘතිය තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ සම්බන්ධතාවේ වර්ධන ක්‍රියාදාමය පිළිබඳ දැනගැනීමට පාඨකයන්ට උපකාරී වන පරිශීලකයකි. තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ ජනතාවගේ සුබසෙත උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂයේ අවංක, හෘදයංගම දායකත්වය පිළිබිඹු කරන එම කෘතිය චීනයේ එක්සත්භාවය, අනිවාර්ය ඓතිහාසික ප්‍රවණතාව බව ද ස්ථිරව ප්‍රකාශ කර ඇතැයි ජූ ෆෙන්ග්ලියන් මහත්මිය පැවසුවාය.   

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම