“ප්‍රශස්ත සංවර්ධනය සහ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් කටයුතු ජයග්‍රහණ” පිළිබඳ රැස්වීමක්
2022-09-28 16:14:24
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සම්මේලනයට සමගාමීව “ප්‍රශස්ත සංවර්ධනය සහ චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ මානව හිමිකම් කටයුතු ජයග්‍රහණ” පිළිබඳ රැස්වීම පැවැත්වේ.

එම රැස්වීම පසුගිය 26 වනදා චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ Bole නගරයේදී පැවැත්විණ. දෙස් විදෙස් විශේෂඥ පිරිසක් සමග ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ බිම් මට්ටමේ ජනතාවගේ නියෝජිතයන් හා චීනයේ සිටින විදේශීය සිසුන් මාර්ගගතව සහ මාර්ගගත නොවන ආකාරයෙන් එම රැස්වීමට එක්වූහ.

ස්වායත්ත රජය හා ස්වායත්තයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුව, නවයුගයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳ පක්ෂයේ පාලන උපායමාර්ගය පූර්ණ වශයෙන් මෙන්ම නිවැරදිව ක්‍රියාත්මක කරමින් සිටින බව Bole නගරයේ මහජන නියෝජිත සම්මේලනයේ ස්ථාවර කමිටු අධ්‍යක්ෂ අයිෂන්ජියං මහතා පැවසීය. සංවර්ධනය හා ස්ථාවරත්වය, සංවර්ධනය හා ජනජීවිතය, සංවර්ධනය හා ජනතා අපේක්ෂා අතර පවතින සමීප සම්බන්ධතා මනාව අවබෝධ කරගෙන අදාළ ආයතන තම ස්වායත්තයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය හා මානව හිමිකම් සහතික කිරීමේ කටයුතු නව අදියරකට රැගෙන යන බව ද ඔහු පැවසීය.

මෑත වසර කිහිපය තුළ, ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ අන්තවාදය තුරන් කිරීම මගින් එම ප්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් ජනතාවගේ ආගමික ඇදහීමේ නිදහස හා ආගමික අවශ්‍යතා ඉහළින් සුරක්ෂිත කර ඇතැයි ෂින්ජ්‍යං විශ්වවිද්‍යාලයේ මාක්ස්වාදය පිළිබඳ ඇකඩමියේ නියෝජ්‍ය මහාචාර්ය රෙමිනා මහත්මිය මෙහිදී කියාසිටියාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම