ඇමරිකාවේ ජාතිකාරක්ෂක ඒජන්සිය අන්තර්ජාල හැකර් ප්‍රහාර මගින් රහස් සොරකම් කළ බවට තවත් සාක්ෂි
2022-09-28 11:36:44
Share with:

පරිගණක වෛරසය පිළිබඳ චීන ජාතික හදිසි පාලන මධ්‍යස්ථානය හා Qihoo 360 තාක්ෂණ සමාගම විසින් ඊයේ(27) චීනයේ වයඹ කාර්මික විශ්වවිද්‍යාලය විදේශීය හැකර් ප්‍රහාරයකට එල්ලවූ අධීක්ෂණ වාර්තාවක් නිකුත් කරනු ලැබීය. පසුගිය 5වැනි දා නිකුත් කෙරුණු පළමුවැනි වාර්තාව මත පදනම් ව මෙම නවතම වාර්තාව, ඇමරිකාවේ ජාතිකාරක්ෂක ඒජන්සිය චීනයේ වයඹ කාර්මික විශ්වවිද්‍යාලයට එ‍රෙහිව එල්ල කර ඇති දහස් ගණනාවක හැකර් ප්‍රහාර වල සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කර තිබේ.

එම ප්‍රහාරවල දී‍ චීනයේ අන්තර්ජාල යටිතල පහසුකම් මෙහෙයුම්කරුවන්ගේ කේන්ද්‍රීය දත්ත පද්ධතිය ඉලක්ක කරගනිමින් දුරස්ථ ප්‍රවේශ මාර්ග ‍‍ගොඩ නගා ඇති බව මෙම වාර්තාවේ දැක්වෙයි. චීනයේ එම පහසුකම් සි‍යුම්ව ග්‍රහනයට ගෙන ඇති අතර, චීන භාවිත කරන්නන්ගේ රහස්‍ය දත්ත ද මෙමගින් සොරකම් කර ඇති බව ද මෙම වාර්තාව සඳහන් කරයි.

දිගුකාලීන ව ඇමරිකාව විශාල පරිමාණයෙන් යුතුව අන්තර්ජාලය ඔස්සේ රහස් සොරකම් කිරීම විවෘත රහසක් බව කිව හැකියි. France24 රූපවාහිනී සේවයට අනුව ඇමරිකාව අන්තර්ජාලය ඔස්සේ අධීක්ෂණය කිරීමේ අභිලාෂය නව මෙහෙයුමක් නොවේ. මුළු ලෝකයට රහසිගත ව සවන් දීම එරටේ අපේක්ෂාවයි. ඔවුන්ගේ හවුල්කරුවන් ද ඉලක්ක වූ බව France24 රූපවාහිනී සේවය පවසයි. චීන අන්තර්ජාල ව්‍යවසායයන් විසින් මෙම වසරේ නිකුත් කෙරුණු වාර්තාවකට අනුව, ගතවූ වසර 10කට වැඩි කාලය තුළ, ඇමරිකාවේ ජාතිකාරක්ෂක ඒජන්සිය අන්තර්ජාලය ප්‍රයෝජනයට ගෙන, චීනය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල් හා කලාප 47ක ඉලක්ක 403කට ප්‍රහාර එල්ල කර තිබේ.

වයඹ කාර්මික විශ්වවිද්‍යාලයට එල්ලවූ එම හැකර් ප්‍රහාර හා සම්බන්ධ තාක්ෂණික විශ්ලේෂණයේදී ඇමරිකාව එවැනි ප්‍රහාර සිදු කළ බවට සනාථවන සක්ෂි රැසක් අත්පත් කර තිබේ. මෙමගින් ලොව විවිධ රටවල‍ට එරෙහි ඇමරිකා අන්තර්ජාල ප්‍රහාර ප්‍රායෝගික ව හඳුනා ගැනීමට හා වැළැක්වීමට අත්දැකීමක් සපයා දීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම