චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි විරෝධය පළකරමින් පකිස්තානය ඉදිරිපත් කළ ප්‍රකාශය චීනයේ පිළිගැනීමට ලක්වේ
2022-09-27 17:09:25
Share with:

මානව හිමිකම් ගැටළු මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කෙරෙහි විරෝධය දක්වා, පකිස්තානය 70කට ආසන්න  රටවල් නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලයේ දී සිදු කළ ප්‍රකාශය චීනයේ පිළිගැනීමට ලක්වේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(27) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, එය ලෝකවාසීන්ගේ පැහැදිලි දැක්ම පිළිබිඹු කරන බවයි.

මෑත වසරවල රටවල් සිය ගණනක් අඛණ්ඩව මානව හිමිකම් කවුන්සිලයේ දී යුක්තියේ හඬ නගමින්, විවිධ ආකාර ඔස්සේ චීනයේ සාධාරණ ක්‍රියාකලාපය වෙනුවෙන් සිය අ‍වබෝධය හා අනුබලය දක්වා තිබෙන බව වං වෙන්බින් මහතා පවසයි. සුළුතර බටහිර රටවල් මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙත් හා දේශපාලන  උපායයන් යොදා ගනිමින් ප්‍රසිද්ධියේ සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන ආකාරය, ජගත් ප්‍රජාවේ බහුතර පිරිසක් ඉතා පැහැදිලිව වටහාගෙන ඇතැයි ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම