චීන- ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වය වඩා යහපත් අනාගතයක් කරා
2022-09-27 15:18:43
Share with:

චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 65වන සංවත්සරය මෙන්ම, සහල් රබර් ගිවිසුම අත්සන් තැබීමේ 70 වැනි සංවත්සරය 2022 වසරට යෙදී තිබේ. මෙම වසර, දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයට විශේෂ වැදගත්කමක් හිමි වසරක් බව නිසැකය. පසුගිය දිනවල නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ රැස්වීම් අතරතුර, චීන විදේශ ඇමති වං යී මහතා හා ශ්‍රී ලංකාවේ විදේශ ඇමති අලි සබ්‍රි මහතා පැවති හමුව දෙරටේ මිත්‍රශීලි වසරේ සිදුවුණු තවත් ප්‍රබල සිදුවීමක් ලෙස හැඳින්විය හැකිය. මෙවන් අවස්ථාවක එම උසස් නිලධාරීන් දෙදෙනාගේ හමුවේ ඇති වැදගත්කම පුළුල් ව විමසා බැලිය යුතුය.

ශ්‍රී ලංකාව අත්විඳින දේශපාලනික හා ආර්ථික ගැටුම් පිළිබඳව චීනය මනා අවබෝධයකින් පසුවෙයි. දැනට ඒ ඒ ක්ෂේත්‍රවලින් එරට දිනා ගත් මූලික ප්‍රගතීන්ට චීනය සුබ ප්‍රාර්ථනා කරන බව චීන විදේශ ඇමතිවරයා එහිදී ප්‍රථමයෙන්ම ප්‍රකාශ කර ඇත. ඖෂධ හා සහල් ඇතුළු හදිසි මානුෂවාදී සහනාධාර සැපයූ චීනය ශ්‍රී ලංකාවේ තාවකාලික අසීරුතාවන් මගහැරීමට තවදුරටත් සහාය වනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය. 

දුෂ්කර අවස්ථාවන්වලදී චීනය අත දුන් ආකාරය, කිසිවිටෙක අමතක නොකරන බව ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා එහිදී සඳහන් කළේය.  චීනය තම රටේ වැදගත් සංවර්ධන හවුල්කරුවෙකු වන අතර, චීන ව්‍යාපාර, ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සක්‍රිය දායකත්වය ලබා දී ඇතැයි අලි සබ්‍රි මහතා පවසයි. ඊනියා චීන ‘ණය උගුල’ යන කියමන, කිසිදු හේතුවක් නොමැති බොරුවක් බව පැවසූ හෙතෙම, චීනය ඇතුළු රටවල ආයෝජනවල ආරක්ෂාව සහතික කිරීමට තම රට ප්‍රයත්න දරන බව ද සඳහන් කරයි. චීනයට ආපසු පැමිණ අඛණ්ඩව අධ්‍යාපනය ලැබීමට හැකිවූ ලාංකික සිසුන් වෙනුවෙන් චීනය දක්වා ඇති සහායට ද ඔහු ප්‍රණාමය පුදකළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සහයෝගතා, සමානාත්මතාව මත සිදු කෙරෙන ‘දකුණු දකුණු සහයෝගතාව’ බව චීන විදේශ ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය. ඇතැම් රටවල් ප්‍රචාරය කළ ‘ණය උගුල’ මතවාදයම  සංවර්ධනය වෙමින් පවතින රටවලට හඳුන්වා දෙන ‘උගුල’ කි. එය ඔවුන් දුර්වල කිරීමේ උපායක් වේ. කෙසේ වුව ද, චීනය හා ශ්‍රී ලංකාව අඛණ්ඩව අන්‍යෝන්‍ය අවබෝධය සහිතව අනෝන්‍ය අනුබලය සපයමින් ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය, ජාතික අභිමානය යන කරුණු සම්බන්ධයෙන් ස්ථිර ලෙස එකට සිටිනු ඇතැයි විශ්වාස කරන බව ද වං යී මහතා කියාසිටී.

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ඉහළ ගුණාත්මක සංවර්ධනය පොදුවේ ඉදිරියට මෙහෙයවීමට දෙපාර්ශ්වය එකඟ විය. හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති ශ්‍රී ලංකා ආර්ථික පුනර්ජීවනයට රුකුලක් වන සේ එහි ඵලදායීතාව තවදුරටත් විදහාපෑමට දෙපාර්ශ්වය එකට කටයුතු කිරීම සම්මත කර ඇත. නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ සාකච්ඡා ක්‍රියාදාමය කඩිනම් කරමින් දෙර‍ටේ ආර්ථික හා වෙළඳ සහයෝගතාව වෙනුවෙන් බලවත් විශ්වාසය හා ස්ථාවර අපේක්ෂාවක් එකතු කිරීමට ශ්‍රී ලංකාව හා චීනය, අත්වැල් බැඳගෙන සිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම